ලංකා රජය සමග සාකච්ඡා කරන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා තම පක්ෂයට අවධාරණය කර සිටි බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලුව සම්බන්ධව ඉන්දීය රජයේ මූලික ප්‍රතිපත්තියේ වෙනසක් නොමැති වුවත්, නව අග්‍රාමාත්‍යවරයා යටතේ ගනු ලබන ප්‍ර‘වේශය වෙනස් විය හැකි බවයි.
මෝදි මහතා ක්‍රියාකාරී අයෙකු බවත්, ප්‍රමාදයකින් තොරව ප්‍රතිඵල බලාපොරොත්තු වන අයෙකු බවට තම පක්ෂයට හැඟීගිය බවත්,සුමන්තිරන් මහතා පැවසීය.
පසුගියදා සුමන්තිරන් මහතා ඇතුළු දෙමළ සන්ධාන නියෝජිත පිරිසක් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අග්‍රාමාත්‍ය මෝදි මහතා හමුවිය. දෙමළ සන්ධානය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඒජන්තයෙකු යැයි කරනු ලබන ප්‍රකාශ පිළිනොගන්නැයි සුමන්තිරන් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
එසේම තම පක්ෂය එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක උපරිම බලය බෙදීමට යටත්ව දේශපාලන විසඳුමක් සොයන බවත්, කිසිවිටක වෙනම රාජ්‍යයක් සඳහා අරගල නොකරන බවත් ඔහු පැවසීය.