රජය මේ වනවිට අවයව බද්ධ කිරීමක සිටින බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සංවිධානය කළ අවයව දන්දීමේ දින පාගමනට අද (18දා) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔහු ඒ පිළිබඳ අදහස් නොදක්වා සිටි අතර, ඉදිරියේදී අවයව දන්දෙන රෝගීන්ගෙන් කිසිදු ගාස්තුවක් අය නොකරන බවද ඔහු පැවසීය.
ඉදිරියේදී එම තීරණය නියෝගයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තමා බලාපොරොත්තු වන බවදඅමාත්‍යවරයා සඳහන් කළේය.
“2015 වසරේදී මම සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වන විට අවයව බද්ධ කිරීම කඩාකප්පල් වී තිබුණා. නමුත් ඉන් පසු අක්මා බද්ධය ආරම්භ කළ අතර, පසුව හෘද බද්ධ කිරීම් පවා සිදු කළා. අනුරාධපුර, මහනුවර, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර යන මහ රෝහල්වලදී අවයව බද්ධ සිදු කරනවා. මෙහිදී හෘද බද්ධය විශේෂිත වුණා. මමත් මහනුවරට ගොස් වෛද්‍යවරුන් සහ රෝගියා හමු වී අවශ්‍ය පහසුකම් ලබාදුන්නා. නමුත් දෙවැනි හෘද බද්ධය අසාර්ථක වුණේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අරගලය හේතුවෙන්.
දැනට අවයව බද්ධ කිරීම් සිදුවන්නේ ප්‍රධාන රෝහල් කීහිපයක විතරයි. නමුත් ඉදිරියේදී තවත් රෝහල් කිහිපයක අවයව බද්ධ කිරීම් ආරම්භ කරනවා. ඇතැම් වෛද්‍යවරුන්ද ඊට උනන්දුවක් දක්වනවා. එය කඩාකප්පල් නොකර සහයෝගය ලබාදිය යුතුයි.”