පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පැරණි දින යොදා රජයේ සේවකයන් බඳවා ගෙන තිබීම පිළිබඳව අද (07දා) දිනයේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිලි කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලය සඳහන් කරයි.
එහි කැඳවුම්කරු සෝමවීර චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ ගතවූ මාස 06 අතුළතදී සේවා ව්‍යවස්ථාව කඩකරමින් රාජ්‍ය ආයතනවලට අතිරික්ත සේවකයන් පිරිසක් බඳවා ගෙන ඇති බවයි.
මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කරන බවද ඔහු පැවසීය.