වෘත්තීය ගැටළු විසඳීමටත් වෘත්තීය අයිතිවාසිකම් ලබාදීමත් වෙනුවෙන් බදු ගෙවන ජනතාවට උපරිම සේවාවක් නොකඩවා සැලසීමට රජය ප්රමුඛත්වය දෙන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ පණිවිඩියක් සටහන් කරමින් අගමැතිවරයා මේබව පවසා ඇත.
කිසිදු පුද්ගලයකු අනෙක් පුද්ගලයන්ට වඩා වරප්රසාද ලබන්නකු නොවනවා සේම කිසිදු වෘත්තියක් අනෙක් වෘත්තිවලට වඩා විශේෂ වරප්රසාද ලබන වෘත්තියක් ලෙස අප හඳුනාගන්නේ නැතැයි ද එම පණිවිඩයේ දැක්වෙයි.