පාර්ලිමෙන්තුවට මුදල් රෙගුලාසියක් ඉදිරිපත් කිරීමෙන් පසුව එය පාරාජයට පත්වුවහොත් පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව රජය ඉල්ලා අස්විය යුතු බව සන්ධාන මන්ත්‍රීවරුන් වන වාසු දේව නානායක්කාර මහතා හා දිනේෂ් ගුණවර්ධන මහතා අද (07දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රුපියල් බිලියන 400ක් ලබාගැනීම සඳහා භාණ්ඩාගාර බ්ලපත් නිකුත් කිරිමට රජය ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. ඉන් අනතුරුව වහාම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමට මන්ත්‍රීවරුන් දෙදෙනා කටයුතු කළ අතර එහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ හෙට උදෑසනම රජය ඒ පිළිබඳව තිරණයක් ගත යුතු බවයි.