මාසයක් තිස්සේ වසා දමා තිබෙන තෙල් පිරිපහදුව මේ මස 12 වැනිදා ක්රියාත්මක කර 15 වැනිදා වනවිට පිරිපහදු ඉන්ධන ලබාදෙන බවට තෙල් සංස්ථාවේ වැඩබලන සභාපතිවරයා සඳහන් කළත්, ප්රකාශය සිදුකර දින 10 ක් හා පිරිපහදු ඉන්ධන ලබාදෙන බවට සඳහන් කළ දින සිට දින 07 ක් ගතවී ඇතත් මෙතෙක් එම පොරොන්දුව ඉටුවී නොමැති බව ඛනිජතෙල් ජාතික සේවක සංගමය සඳහන් කරයි.
මීට අමතරව පිරිපහදු කළ ඉන්ධන ගොඩබාන බෝයාව කාර්මික දෝෂයකට ලක්ව දින දහ අටක් ගත වී තිබුණද එය පිළිසකර කිරීමටවත් කටයුතු කර නොමැති බවත් මේ නිසා ඉන්ධන ගොඩබෑමට වෙනත් ක්රමයක් අනුගමනය කරන බවත්, එම ක්රමය මත ඉන්ධන නැවක් ගොඩබෑමට දින 08 ක් 10 ක් ගතවෙන බවද එම සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.