වාහනයක් ලබා දෙන බව පවසමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 54ක් ලබාගෙන අදාළ වාහනය හා මුදල් නැවත ලබානොදීම හේතුවෙන් රුපියල් ලක්ෂ 54ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙබණ්ඩාර මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩුවක් විභාග වෙයි.
මෙම නඩුව අද (06දා) මහාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අමාත්‍යවරයා ඒ සඳහා පෙනී නොසිටිම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන්නයැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මහාධිකරණ විනිසුරු එන්.වී. කරුණාතිලක මහතාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී එසේ වරෙන්තු නිකුත් කිරීම මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
අද දිනයේදී තමන්ට පාර්ලිමේන්තුවට යෑමට අවශ්‍යබවට පාලිත රංගෙබණ්ඩාර මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එය සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නැවතත් නොවැම්බර් මස 06දා අධිකරණයේ පෙනී සිටින ලෙස දැන්වීය.
එසේම පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දින පිළිබඳව අධිකරණය දැනුවත් කරන්න යැයැද මහාධිකරණ විනිසුරුවරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැන්වීය.