අස්ගිරි පාර්ශවයේ රංගිරි දඹුලු රජමහා විහාරයේ විහාරාධිපති පදවිය සහ නායක පදවිය අස්ගිරි කාරක සංඝසභික පුජ්‍ය ආචාර්ය ගොඩගම මංගල නාහිමියන් වෙත පිරිනැමීම අද(18) පස්වරුවේදී අස්ගිරිය සීමාමාලකයේදී සිදුවිය. අස්ගිරි පාර්ශවයේ මහා නායන පුජ්‍ය වරකාගොඩ ඥානරතන නායක හිමියන් ප්‍රධාන කාරක සංඝසභාව විසින් මෙම පිරිනැමීම සිදුකර තිබේ.