මුදල් විශුද්ධීකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔස්ට්‍රේලියාවට යෑමට කොළඹ මහාධිකරණය අද (28දා) අවසර දුන්නේය. සිය දකුණු පාදයේ ඇතිව තිබෙන ආබාධයකට ප්‍රතිකාර සඳහා විදෙස් ගතවීමට අවසර ඉල්ලා යෝෂිත ඉදිරිපත් කළ ඇප අයදුමක් සළකා බලමින් අධිකරණය ඔහුට එම අවසරය ලබාදුන්නේය.
වසර පහක කාලයක් වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීම සම්බන්ධයෙන් පවතින නඩු පහකට අදාළව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු ආරක්ෂක ප්‍රධානි යුද හමුදාවේ මේජර් නෙවිල් වන්නිආරච්චිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබාදුන්නේය. එක් නඩුවකට රුපියල් 10000 බැගින් වූ මුදල් ඇපයක් හා ශරීර ඇප දෙකක් මත සැකකරුට ඇප නියම විය.