හිටපු නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ සිදුකළ විදේශ සංචාර පිළිබඳව නාවික හමුදාව සිදුකරන ලඝු නඩු විභාගය තාවකාලිකව නතර කර ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්රම් අලෙවි මහතා සඳහන් කළේය.
සේවය අත්හිටුවා සිටින යෝෂිත රාජපක්ෂ නිලධාරියා සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු විභාග අවසන් වන තෙක් මෙම පරීක්ෂණ නවතා දමා තිබෙන බවද අද (29දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේය.
අධිකරණයේ පවතින නඩුව අවසන් වූ පසු ලඝු නඩු විභාගය නැවත ආරම්භ කරන බවද හෙතෙම සඳහන් කළේය.