සංචාරකයන් 380ක් රැගත් 'යුරෝපා' මගී නෞකාව අද (15දා) පෙරවරු අටට පමණ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාතන්තර වරායට සේන්දුවිය. ලෝක සවාරියේ යෙදෙන මෙම නෞකාව ජර්මනියෙන් ගමන් ආරම්භ කර තිබේ. නෞකාවෙන් පැමිණි පිරිසෙන් 200 කට අධික පිරිසක් යාල ,උඩවලව කතරගම ,බුන්දල ආදී ප්රදේශයන්හි සංචාරයක නිරතවිණි. .
ජර්මනියෙන් ආරම්භ වී ඇති මෙම සංචාරය ඩුබායි, මාලදිවයින, ඉන්දියාව හරහා ශ්රී ලංකාවට පැමිණ තිබෙන අතර ඉදිරියේදි සංගප්පුරුව, තායිලන්තය, පිලිපීනය, නවසීලන්තය, සැන්ෆ්රැස්සිස්කෝ, මියාමි, ෆ්ලෝරීඩා හා හැම්බර්ග් වලින් නැවතත් ජර්මනියට ළගාවීමට නියමිතය.නෞකාව දින දෙකක් ශ්රී ලංකාවේ රැදී සිටියි.