එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට යුරෝපා සංගම ගත් තිරණය පිළිබඳව සිය විරෝධය ප්රකාශ කරන බව බොදුබල සේනා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එසේම මෙම තීරණය භයානක තීරණයක් මෙන්ම ලෝකයම අස්ථාවර කළ හැකි තීරණයක් විය හැකි බවද එම සංවිධානය පෙන්වා දෙයි.
එසේම මෙම තිරණය පිටුපස කුමන්ත්රණයක් පැවැතිය හැකි බවත් අල්ලස් යෙදවි ඇති බවට සැකයක් පවතින බවත් එම සංවිධානය වැඩිදුරටත් ප්රකාශ කරයි.