වවුනියාවේ ඉපදී දැනට කැනඩාවේ ජීවත් වන දෙමළ තරුණයෙකු යුද්ධයෙන් මියගිය සියලු දෙනා සමරා ඔවුන්ට පින් අනුමෝදන් කරවීම හා සාමය උදාවීම පිණිස ලෝකය වටා මැරතන් දිවීමක් ආරම්භ කොට ඇති අතර, එහි දෙවන පියවර වශයෙන් මේ දිනවල උතුරේ මැරතන් දිවීම ආරම්භ කර තිබේ.
කැනඩාවේ ටොරෙන්ටෝ නගරයෙන් ආරම්භ කෙරුණු මෙම මැරතන් දිවීම මෙරටින් ආරම්භ කළේ වවුනියාවේ සූසපිල්ලයාර්කුලම ප්රදේශයෙනි.
යුද්ධයට වැඩි වශයෙන්ම දිවි පිදුවේ උතුරු ප්රදේශයෙන් වීම හේතුවෙන් ලංකාවේ මැරතන් දිවීම පළමුව උතුරෙන් ආරම්භ කිරීමට පියවරගත් බවට සුරේස් ජෝසිම් නමැති මෙම තරුණයා කියා සිටියේය.
ලෝකයේ රටවල් 72ක් ආවරණය වන පරිදි කිලෝ මීටර් 4000ක් පමණ දුර මෙම මැරතන් දිවීමේදී පසුකරන අතර, ඒ සඳහා දින 123ක කාලයක් ගතවෙනු ඇතැයි අනුමාන කොට තිබේ. වවුනියාවේ උපත ලද සුරේෂ් ශ්රී ලංකාවේදී ආරම්භ කළ මෙම මැරතන් දිවීමේදී කිළිනොච්චිය යාපනය හරහා යළිත් ශ්රී ලංකාවේ දකුණු දෙසට පැමිණීමට නියමිතය.
උතුරු නැගෙනහිර ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ලෝකයේ රටවල් කිහිපයක්ම සිය මැරතන් දිවීම සඳහා සුරේෂ් විසින් තෝරාගෙන තිබේ.