යුද්ධයෙන් නිවාස අහිමි වූ සියලු දෙනාටම ස්ථීර නිවාස ලබාදීම රජයේ අරමුණ බවත් ඒ සඳහා රජය විවිධ සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ, පසුගියදා මන්නාරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මන්නාරම පෙරියකඩේ ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වෙමිනි.
යුද්ධය නිසා උතුරු නැගෙනහිර පළාතේ ජනතාවගෙන් වැඩි පිරිසකට තම නිවාස, දේපළ අහිමි වූ බවත්, පසුගිය කාලයේ ලෝක බැංකුව උතුරු - නැගෙනහිර පුනරුත්ථාපන ව්‍යාපෘති මගින් නිවස ලබාදීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා පවසා සිටියේය. එමෙන්ම, යුරෝපා සංගමය, ඉන්දීය රජය සහ ශ්‍රී ලංකාවේ රජය විසින්ද නිවාස ලබාදීමට කටයුතු කළත්, උතුරු පළාතේ තවත් නිවාස 130,000 ක් තවදුරටත් ඉදිකළ යුතුව ඇති බවත්, එම නිවාස කඩිනමින් ඉදිකරදීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
මෙම අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්, උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් ඇතුළු දේශපාලකයන් පිරිසක් සහභාගී වූහ.