යුද්ධයට පෙර පැවැති ආකාරයෙන් උතුරේ ජනයාට ඉඩම් ලබාදිය යුතු බවත්, සංහිඳියාවේ මාවත විවෘත වන්නේ එමගින් පමණක් බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ඉතා ඉක්මනින් එම ඉඩම් ලබාදිය යුතු බවත්, රජයේ අවධානය ඒ කෙරෙහි යොමුවිය යුතු බවත් මන්ත්රීවරයා සඳහන් කළේය. අද (05දා) පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා, “මේ රජය ගෙනඑන ඉඩම් පිළිබඳ වැඩපිළිවෙළ ඉක්මන් කළ යුතුයි. යුද්ධයට පෙර තිබුණු ඉඩම් යුද්ධයට පසුව ලබාදීම සංහිඳියාවේ මූලික දෙයයි.
වෙන වෙන ප්රකාශන කිය කියා, සම්මන්ත්රණ, නොයෙක් මණ්ඩල, නොයෙක් ආයතනවලට වඩා යුද්ධයට පෙර තිබුණු තත්ත්වයට ඉඩම්වල අයිතිය නැවත ලබාදීමට ඉඩම් ඇමතිවරයා කටයුතු කළ යුතුයි. මෙය විටින් විට කරන දෙයක් නෙමෙයි. මෙය දිගින් දිගටම කරගෙන ගිහිල්ලා යම් අවසානයක් තිබිය යුතුයි.ඒක තමයි සංහිඳියාවේ මාවත. ඊළඟට ජීවනෝපාය. වත්මන් ආණ්ඩුව එය කළ යුතුයි" යනුවෙන් පවසා සිටියේය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ විදේශකයන්ට මෙරට ඉඩම් අත්පත් කරගැනීමට අවස්ථාව ලබාදුනහොත් කෙටි කාලයකින් ශ්රී ලාංකිකයන් විදේශිකයන් බවට පත්වනු ඇති බවයි.
එබැවින් විදේශකයන්ට බලපෑ නිති පෙර පරිදි ක්රියාත්මක වියයුතු බවත්, ඉඩම්වල අයිතියක් නැති සියලු ශ්රී ලාංකිකයන්ට නිවසක් ඉදිකර ගැනීම සඳහා ඉඩම් කැබැල්ලක් ලබාදීම රජයේ යුතුකම බවත් වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේය.