යුද්ධය පැවැති කාලයේදී මිනිසුන් හොඳින් ජීවත්වූ බවත් යුද්ධය අවසන්වී වසර 5ක් ගතවුවත් ජනතාවට කිසිඳු සහනයක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
ගොරකානේදී පැවැති ජනහමුවකට සහභාගීවෙමින් මන්ත්‍රීවරයා අද (15) තවදුරටත් පැවැසුවේ ආණ්ඩුව ණය බර ගෙවා ගත නොහැකිව ජනතාවට බදු බර පටවමින් සිටින බවයි.
එසේම මේ රටේ කිසිදු පුද්ගලයෙකු විදුලි පුටුවට රැගෙනයා නොහැකි බවත් වර්තමානයවන විට ශ්‍රී ලංකාව කුඩු, කැසිනෝ, කොමිස්, ඝාතන හා අවනීතියෙන් පංචබල කේන්ද්‍රස්තානයක් බවට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවැසීය.