යුද හමුදාව අලුත්වෙයි
ශ්‍රී ලංකා යුද හමුදා කාර්යාල ලිපි අන්තර්ජාලය හා යුද හමුදා දත්තජාලය මාර්ගයෙන් හුවමාරු කර ගැනීමේ විද්‍යුත් පරිගණක වැඩසටහන 2015 අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට යුද හමුදාව කටයුතු කර තිබේ.
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, යුද හමුදා ප්‍රධාන සංඥා නිලධාරි හා තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ වෙත ලබාදුන් උපදෙස් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
කඩදාසි භාවිතය අවම කර ගනිමින්, බහු ප්රතිලාභ අත්කර ගැනීමේ අරමුණින් වත්මන් යුද හමුදාපතිතුමන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කල වකවානුවේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම යෝජනා කරන ලදී.
ලිපි හුවමාරුවේ දී ලිපි ද්‍රව්‍ය සඳහා වැය වන මුදල් අවම කර ගැනීම, ආයතන අතර ලිපි හුවමාරුවට ගතවන කාලය අවම කර ගැනීම, සන්නිවේදන සේවාවන් සඳහා වැය වන මුදල් අවම කර ගැනීම, යම් ආයතනයකට ලිපියක් යැවූ පසු එයට ගෙන ඇති ක්‍රියා මාර්ගය පිරික්සීමට ඇති හැකියාව, ලිපි ගණුදෙනු කිරීමේදී රහස්‍ය බව හා සුරක්ෂිත භාවය තහවුරු කිරීම මෙන්ම කාර්යක්ෂමතාවය වැඩි කිරීම හා තිරණ ගැනීමේ කාලය අවම කර ගැනීම ආදිය මෙම ව්‍යාපෘතියේ මුලික අභිප්රායන් වන බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

