යුද සමයේ උතුරුකරයෙන් සොයාගත් රත්‍රං නැවත ආපසු බෙදාදීම සදහා 1137 දෙනෙකු කිලිනොච්චියෙන් සහ වවුනියාවෙන් කොළඹ අරලියගහ මන්දිරයට හෙට (04දා) ගෙන්වීමට යුද හමුදාව තීරණය කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
ජනාධිපතිවරයා අතින්ම මෙම ආභරණ නැවත හිමිකරුවන්ට ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බවද මෙහිදී පවසා සිටියේය.
ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති පරිදි මන්නාරම් ප්‍රදේශයේ 223 දෙනෙකුද, වවුනියා ප්‍රදේශයේ 319 දෙනෙකුද, යාපනය ප්‍රදේශයේ 45 දෙනෙකුද, කිලිනොච්චි ප්‍රදේශයේ 1137 දෙනෙකු හා මුලතිව්හි 186 දෙනෙකුට ඔවුන්ගේ රත්‍රං ලබාදීමට කටයුතු සූදානම්කර තිබෙන බව අද (03දා) පැවැති මාධ්‍ය හමුවකදී බ්‍රිග්‍රේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
මෙම 1137 පිරිස හෙට දිනයේ උතුරැ දුම්රියෙන් කොළඹට ගෙන්වීමට නියමිතය