ශ්‍රී ලංකාවේ වගකීම් සහගතභාවය හා සංහිඳියාව වැඩිදියුණු කිරීම සඳහා දරන උත්සාහයට මෙන්ම, යුද සමයේ සිදු වූයේ යැයි කියන බරපතල අපරාධ පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් විශ්වසනීය සහ ස්වාධීන පරීක්ෂණයක් සඳහා ක්‍රියාකාරීව සහාය දැක්වීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව බී.බී.සී.ය පවසයි.
එමෙන්ම, රටේ වර්තමාන මානව හිමිකම් තත්ත්වය වෙත අවධානය යොමු වන බවද යෝජනාවේ සඳහන් බව බී.බී.සී.ය පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ විසිපස් වැනි සැසිවාරයට පෙර මෙම තීරණයට එළැඹි බවයුරෝපා සංගම් මුලස්ථානය පිහිටි බ්‍රසල්ස් නුවරදී රැස් වූ සංගමයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව පවසා ඇති බවද බී.බී.සී.ය පෙන්වා දෙයි.
විදේශ කටයුතු සහ ආරක්ෂක පිළිවෙත පිළිබඳ උත්තම නියෝජිත කැතරින් ඇෂ්ටන්ගේ ප්‍රධානත්වයෙන් සාමාජික රටවල් විසි අටේම විදේශ අමාත්‍ය නියෝජිතයන් මෙම කමිටුවට සහභාගි වූ බව යුරෝපා සංගමය පවසා ඇති බවද බී.බී.සී.ය වැඩිදුරටත් පවසයි.