ජිනීවා වාර්තාවෙන් කිසිවෙකුත් යුද අධිකරණයට ගෙන යා නොහැකි බවත්, වත්මන් ජනනපතිවරයා මේ වන විට රට පාලනය නොකළාලම් ජිනීවා යෝජනව හරහා රට බරපතළ අර්බූදයකට පත්වීමට ඉඩ තිබූ බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවේය.
ඊයේ (19දා) හම්බන්තොට දිස්ත්‍රික් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ තංගල්ල ප්‍රාදේශීය කාර්යාලයේ පැවති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය.
"සමහර කුඩා පක්ෂ කෑ ගහගෙන යනවා සීපා ගිවිසුමක් ගැන. මේ රජය සීපා ගිවිසුමක් ගැන කතා කරලවත් නැහැ. පසුගියදා පැවති මානව හිමිකම් යෝජනාවලියේදී ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග වැරදියි කියා සමහරු විවේචනය කරනවා. වත්මන් ජනාධිපතිතුමා නොහිටින්න මේ රට ජිනීවා යෝජනාවලියේදී බරපතළ අර්බුදයකට පත්වෙනවා.
සමහරු විදුලි පුටුවක් ගැන කතා කළා. මම පැහැදිලිව කියනවා මේ මානව හිමිකම් යෝජනාවලියෙන් අපේ රණවිරුවනුත් දේශපාලන නායකයනුත් යුද අධිකරණයට ගෙනියන්නේ නැති බව.
රටේ අපරාධ රැල්ලක් ඇතිවෙමින් යනවා. ඊටත් මුහුණ දෙන්න ජනාධිපතිතුමා පියවර ගනිමින් සිටිනවා. මේ රටේ ළමා හිංසනයට හා මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය දිය යුතු යැයි විශාල ජනමතයක් ගොඩනැගෙමින් පවතිනවා. සියලුදෙනාගෙ එකඟත්වය මත මරණ දණ්ඩනය දිය යුතු බවට ජනාධිපතිතුමා තීන්දු කොට තිබෙනවා"