නැගෙනහිර යුක්රේනයේ ඇතිවී තිබෙන ගැටුම් උත්සන්න වීමත් සමග, ලුගාන්ස්ක් පළාතේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකීය සිසුන් මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මගපෙන්වීම යටතේ ඉන් ඉවත් වන බව වාර්තා වෙයි.
ලුගාන්ස්ක් හි රජයේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 24 දෙනෙකු මේ වනවිටත් එම පළාතෙන් ඉවත් වීමට තීරණය කරමින්, කියෙව් අගනුවරට පැමිණ ඇති බවත්, ඔවුන් ඉදිරි සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.