යුක්ක්‍රේනයේ ජනාධිපති වික්ටර් යැනුකොවිචි ව්‍යවස්ථා විරෝධී ලෙස ජනපති ධුරයෙන් ඉවත් කිරීම හරහා එරට පවතින අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේම යුක්ක්‍රේනයේ දැනට පවතින අස්ථාවර බව යුක්ති සහගත, ප්රජාතන්ත්රවාදී ප්‍රවේශයක් ඔස්සෙ විසඳෙනු ඇති බවට විශ්වාසයක් පවතින බවත්, විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
යුක්ක්‍රේනයේ පවතින ආණ්ඩු විරෝධී සටන් වලට විසඳුමක් වශයෙන් යුක්ක්‍රේන පාර්ලිමේන්තුව තුළදී ඡන්දයක් පවත්වා ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.