යාල ජාතික වනෝද්‍යානයට දිනකට පිවිසිය හැකි සෆාරි ජීප් රථ ප්‍රමාණය සීමා කිරීමට විරෝධය පළකරමින් යාල සෆාරි ජීප් රථ හිමියන් විසින් පසුගියදා (23දා) දියත් කරන ලද විරෝධතාව ස්ථිර විසඳුමක් ලැබෙන තෙක් ක්‍රියාත්මක කරන බව යාල සෆාරි ජීප් රථ සංගම් පවසයි.
මෙම විරෝධතාව හේතුවෙන් යාල තුළට සෆාරි ජීප් රථ මගින් ඇතුළු වීමට අපේක්ෂාවෙන් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඔවුන්ගේ කැමැත්ත අනුව බුන්දල හා වෙහෙරගල වනෝද්‍යානවලට රැගෙන ගිය බව යාල සෆාරි ජීප් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් තරිඳු ජයසිංහ මහතා පැවසීය.
කෙසේ වුවද, තම පෞද්ගලික වාහන මගින් පැමිණි සංචාරකයන් පමණක් යාලට ඇතුළු වූ බව යාල උද්‍යාන භාරකරු වන සියාසිංහ මහතා පවසා සිටියේය.
මේ අතර, සෆාරි ජීප් රථ හිමියන් ආරම්භ කර ඇති මෙම විරෝධතාව අතරතුර විරෝධතාව නොසලකා යාල ජාතික උද්‍යානයට සංචාරකයන් රැගෙන ගිය සෆාරි ජීප් රථ රියදුරෙකුට ඊයේ (25දා) රාත්‍රි කිසියම් පිරිසක් පහරදී ඇතැයි තිස්සමහාරාම පොලීසිය පැවසීය.
පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර ඇති අතර, සිද්ධියට අදාළව පුද්ගලයන් 06 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.