පවතින දැඩි නියඟය හේතුවෙන් හෙට (01දා) සිට මාස එකහමාරක පමණ කාලයක් යාල වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයන් සඳහා වසා තැබෙන බව බුද්ධශාසන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා 'අද' වෙත සඳහන් කර සිටියේ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වර්ෂයේ මෙවැනි කාලවලදී සාමාන්‍යයෙන් කෙටි කලකට උද්‍යානය වසා තැබුණද, මෙම වර්ෂයේ පවතින දැඩි නියං තත්ත්වය පිළිබඳ සලකා බලා මාසයකට අධික කාලයක් එය වසා තැබීමට පියවර ගන්නා බවයි.
ඒ අනුව, ඉදිරියේදී එම ප්‍රදේශයට වර්ෂාව ලැබීම ප්‍රමාද වුවහොත් උද්‍යානය විවෘත කිරීම තවදුරටත් ප්‍රමාද කෙරෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.