යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන පොලිස් නිලධාරින් පස් දෙනා යළිත් දෙසැම්බර් 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (18දා) නියෝග කළේය. සැකකාර පොලිස් නිලධාරින් යළිත් අධිකරණයට ඉදිරපිත් කළ අවස්ථාවේදී මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබීය.