යාපනය අධිකරණයට ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාව මත ඊයේ (20දා) අත්අඩංගුවට ගත් 130 ගෙන් 47 දෙනෙකු ජූනි පළමුවැනිදා දක්වාත්, 43 දෙනෙකු ජූනි තුන්වැනි දින දක්වාත්, තවත් සැකකරුවන් 40 කු ජූනි 04 වැනිදා දක්වාත් රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව පාසල් ශිෂ්‍යාවගේ ඝාතන සිද්ධියට අදාළව පළමුවෙන්ම අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ජූනි පළමු වැනිදා දක්වාත්, අනෙක් සැකකරුවන් පස්දෙනාත් ජුනි මස පළමුවැනිදා දක්වාත් රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.