යාපනයේ සිට කොළඹට සයිටම් විරෝධි රථ පෙළපාළියක්
දිස්ත්‍රික්ක කිහිපයක අද (12) සිට ලබන 15දා දක්වා සිදු කෙරෙන වැඩ වර්ජන මාලාවට සමගාමීව සයිටම් විරෝධී රථ පෙළපාළියක්ද යාපනයේ සිට කොළඹ දක්වා පැවැත්වීමට සංවිධානය කොට ඇත.
ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහි සංවිධාන කටයුතු සිදු කර ඇති අතර අද යාපනයේ රෝහල්වල සිදු කෙරෙන වෛද්‍ය වැඩ වර්ජනයට සමගාමීව යාපනයේ සිට මෙම රථ පෙළපාළිය ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, අද දිනයේදී යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙනු ඇති අතර අද දිනයේදී සයිටම් විරෝධී රථ පෙළපාළියද දිස්ත්‍රික්ක පහකින් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කොට ඇත.
මේ අනුව හෙට දිනයේදී වව්නියාව රෝහල්වල ඇරඹෙන වෛද්‍ය වර්ජනයට සමගාමීව යාපනයෙන් පිටත් වන සයිටම් විරෝධී රථ පෙළපාළියද හෙට දිනයේදී වව්නියාවට පැමිණීමට නියමිතය. ඒ අනුව හෙට දිනයේදී එය වව්නියාවේ සිට අනුරාධපුරය දක්වා ගමන් කිරීමට නියමිතය.
මෙම වැඩ වර්ජනය අවසන් වන (15දා) රථ පෙළපාළියද අවසන් කිරීමට කටයුතු යොද ඇති අතර (16දා) කැම්බල් පිටියේදී පැවැත්වෙන සයිටම් විරෝධී ජනතා සම්මන්ත්‍රණයට ද මෙම රථ පෙළපාළිය පැමිණීමට කටයුතු යොදා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

