යාපනයේ ඇතැම් කෝවිල් තුළ ආගමික උත්සව අතරතුර සිදුකෙරෙන සත්ව බිලි පූජා තහනම් කරමින් යාපනය මහාධිකරණ විනිසුරු මාණික්වාසගර් ඉලන්චේලියන් මහතා අද (24දා) තහනම් නියෝගයක් නිකුත් කළේය.
සමස්ත ලංකා හින්දු මහා සභාව යාපනය මහධිකරණයේ ගොනු කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේය.
බිලි පූජාවන් සිදු කරන්නේ නම් එය සිදුකරන පාර්ශ්ව අත්අඩංගුවට ගන්නා ලෙස උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත අධිකරණ නියෝග යොමුකරන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.