යාපනය, අරියාලේ ප්රදේශයේ පසුගිය 22දා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර තිබේ.
මෙහිදී නාඳුනන තුවක්කරුවන් යතුරු පැදි දෙකකින් පැමිණ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා පළාගොස් තිබුණි.