යාපනය අරියාලෙයි මණියන්තෝට්ටම්හි වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා ඊයේ (2දා) රාත්‍රියේ මිය ගිය බවට යාපනය පොලීසිය පවසයි.
මනියන්තොට්ට්ම් මන්සන්ධිය අසළදි ඊයෙ සවස යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති අතර වෙඩි තැබීමෙන් පසුව යතුරු පැදිකරුවන් පලා ගොස් ඇත.
පපුව ප්‍රදේශට වෙඩි පහර වැදීම නිසා බරපතල තත්වයේ සිටි තරුණයාට ඊයේ රාත්‍රියේ ශල්‍යකර්මයක් සිදු කොට ජීවිතය බේරා ගැනීමට යාපනය මහරෝහලේ වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් යෙදුවද තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත.