යාපනයේදී පොලීසිය තිබූ වෙඩි ප්‍රහාරයකින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිද්ධිය පිළිබඳව රජයේ කනගාටුව ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැවැසීය.
යාපනය සිදුවීම පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් අධිකරණය ක්‍රියාමාර්ගද ඉදිරියේදී ගන්නා බවත් ඔහු අද (25දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය. එසේම අදාළ සිදුවීම පිළිබඳව නිතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා හා සාකච්ඡා කළ බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.