ෙයාපනයේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වල තැනින් තැන රැඳී සිටින යුද හමුදාව අක්කර 45කින් සමන්විත යාපනය බළකොටුවට යෑම සාධාරණ බවත්, එසේ යන්නේ නම් සාමාන්‍ය ජනතාවගේ ඉඩම් නිදහස් කරදීමට හැකි බවත් උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා කියා සිටියේය.
උතුරු ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ, වවුනියාවේ බෞද්ධ විහාරස්ථානවල විහාරාධිපතිවරුන් සමග වවුනියාවේදී පැවැති සාකච්ඡාවකදීය.
එහිදී උතුරු ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසා සිටියේ,
"යාපනයේ සිංහල මහා විද්‍යාලය දැන් හමුදා කඳවුරක්. මම යෝජනා කළා ජනාධිපතිතුමාට ඒක නිදහස් කරලා නැවත වතාවක් ඒ පාසල ආරම්භ කරන්න දෙන්න කියලා. ඉතින් ඒකට අවශ්‍ය ඉඩම් ලබාගැනීමේදී යාපනය බළකොටුව තියෙනවා. මේ බලකොටුව අක්කර 45ක් තියෙනවා.
අපේ හමුදාව බළකොටුවෙන් එළියට ඇවිල්ල බළකොටුව නිකං තියෙනවා. සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වල ඔහෙන් මෙහෙන් කෑලිවල ඉන්නවා. නැවත ඔවුන් බළකොටුව කරා ගමන් කළොත් සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් ටික ඔවුන්ට නිදහස් කරන්නත් පුළුවන්.
ඒ වගේම අපේ නීත්‍යනුකූල අයිතිය තුළ අපි එතෙන්ට යන එක සාධාරණයි කියල තමයි මගේ මතය. මම ඒ ගැන යෝජනා කරලා දන්වා තියෙනවා. ඒ වගේ වෙලාවකදී අර සිංහල විද්‍යාලය නැවත ආරම්භ කරල අපට වැඩකටයුතු සිදුකර ගෙන යන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය" යැයි පැවසීය.