යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර සිදූ වූ සිදුවීම පළිබඳව කනගාටුවෙන බව දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එසේම සමගි සන්ධානය ගොඩ නැගෙන අවස්ථාවේ මෙවැනි සිදුවීම් නැවත ඇති නොවිමට සෑම සිසුවෙක්ම වග බලා ගත යුතු බවද එම නිවේදනයේ වෙයි.
විශ්විවිද්‍යාලයෙන් බැහැරව ගොස් සිටින යාපන ජනතාව නැවත පැමිණිමේදී ඔවුන්ව සුහදව පිළිගන්නා ලෙසත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් දෙමළ ජාතික සංවිධානය නිකුත් කළ නිවේදයේ තවදුරටත් දැක්වෙයි.
එසේම විවිධ පසුබිම් සහිත සිසුන් එක්ව කටයුතු කළ හැකි වෙන අයුරින් පරිසරය සාදන ලෙසට පරිපාලනයට හා සිසුන්ට දන්වා සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.