යාපනය චුන්නාකම්හි වෙළෙඳ සැලක් අසලදී ඊයේ (23දා) පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන් පිරිස සොයාකණ්ඩායම් 06 ක් විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව චුන්නාකම් පොලීසිය පවසයි.
ඒ අනුව පොලිස් කණ්ඩායම් 05 ක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ. වෙළෙඳ සැල්වලින් කප්පම් ලබාගන්නා පුද්ගලයන් 06 දෙනෙකු සමග ඇති වූ ගැටුමකින් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කෙරිණි.
කප්පම්කරුවන් ප්රහාරය එල්ලකොට පළාගොස් ඇත්තේ අංක තහඩු නොමැති යතුරුපැදිවලින් බවට මේ වනවිට කරුණු අනාවරණය වී තිබේ.