යාපනය, වඩමාරච්චි ප්‍රදේශයේ ධීවරයන් පිරිසකට ඊයේ (17දා) රුපියල් ලක්ෂ එකසිය පනහකට අධික වටිනාකමකින් යුත් මත්ස්‍ය අස්වැන්නක් එක් දිනක් තුළ ලැබී තිබේ.
මෙම ධීවරයන් පිරිසට මෙසේ එක් දිනක් තුළ මෙතරම් විශාල මත්ස්‍ය අස්වැන්නක් හිමි වූ ප්‍රථම අවස්ථාව බවද සඳහන් කරයි. ඒ අනුව ඔවුන්ගේ දැල්වලට එදින මසුන් 20,000කට අධික ප්රමාණයක්හසුව තිබේ. මෙම එක් මත්ස්‍යයෙක් කිලෝ ග්‍රෑමයකට අධික බරකින් යුක්ත බව ධීවරයෝ පවසති.
මෙසේ දැල්වලට හසුව ඇත්තේ පරා මත්ස්‍යයන් බව පවසන ධීවරයන් වැඩිදුරටත් පැවසුවේ උතුරු පළාතෙන් මෙසේ අවස්ථා කීපයකදීම මෙසේ එක්වර විශාල ලෙස මසුන් හසුව ඇති බවයි.
යාපනය ප්‍රසන්න/වව්නියාව මධුශංක අමරසිංහ