රැඳවියන් 1,000ක පිරිසකට ඉඩ පහසුකම් සැලසිය හැකි පරිදි යාපනය, පන්නායි බන්ධනාගාර සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත. එහි පළමු අදියරේ ඉදි කිරීම් කටයුතු සම්පූර්ණ කර විවෘත කර ඇති අතර, රැඳවියන් 130කට එමඟින් නවාතැන් පහසුකම් සැපයිය හැකි බව බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි. එහි දෙවන අදියරේ ඉදි කිරීම් කටයුතු, රුපියල් මිලියන 623.32ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ආරම්භ කිරීමට නියමිත බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා පැවසීය.