යාපනය කොකුවිල්, කුලප්පිඩ්ඩි මන්සන්ධියේදී මරණයට පත් සරසවි සිසු දෙදෙනාට සාධාරණ නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් යාපනය විශ්වවිද්‍යාල සිසුහු එහි ප්‍රධාන ගේට්ටුව වසා අද (31දා)විරෝධතාවක් අරැඹූහ.
සිය අධ්‍යයන කටයුතුවලින් ඉවත් වූ සරසවියේ පීඨ කිහිපයක සිසුහු විරෝධතාවට එක්ව සිටියහ.සිසු මරණවලට විරෝධය පළකරන බැනරයක්ද ගේට්ටුවේ එල්ලා තිබිණි.
මෙසේ සිසුන්ගේ විරෝධතාව හේතුවෙන් රාජකාරියට ආ අනධ්‍යයන සේවකයන් සහ ඇතැම් කථිකාචාර්යවරුන්ට ගේට්ටුවෙන් පිටතට වී සිටීමට සිදු විය.
විරෝධතාවේ නිරත වූ සරසවි සිසුන් වැඩිදුරටත් කියා සිටියේසිසුන් දෙදෙනාගේ මියයෑම සම්බන්ධයෙන් රජය ඉක්මන් පියවරක් නොගෙන, එම සිදුවීමද සාමාන්‍ය ආකාරයට විසඳීමට පියවර ගන්නා බවයි.