යාපනය සරසවි ශිෂ්‍ය සංගමයට සිංහල ගැටලුවක්
යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයට පළාත් ආණ්ඩුකාරවරයා සිංහල භාෂාවෙන් යොමුකළ ලිපියක සඳහන් දෑ තමන්ට තේරුම් ගැනීමට නොහැකි යැයි සඳහන් කරමින් ඔවුන් එම ලිපිය ආපසු උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට යොමුකර තිබේ.
පසුගියදා යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය සිංහල පෙත්සමක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට ලබාදුන්නේය.
එම පෙත්සම පිළිබඳව වහාම අවධානය යොමුකරන්නැයි උතුරු ආණ්ඩුකාරවරයා ජනපතිට ලිපියක් මගින් දැනුම් දුන් අතර, එහි පිටපතක් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයට ලබාදී ඇත.
ආණ්ඩුකාරවරයා ජනපතිට යොමුකළ ලිපිය සිංහල භාෂාවෙන් ලියා තිබේ. එම ලිපියෙහිම පිටපතක් ආණ්ඩුකාරවරයා යාපනය සිසුන් වෙනුවෙන් යොමුකර තිබේ. ඒඅනුව එහි සිංහල භාෂාවෙන් සඳහන් දෑ තමන්ට නොතේරෙන බව සඳහන් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. රජීවන් සිසුවා ආණ්ඩුකාරවරයාගේ ලිපිය ආපසු හරවා යවා තිබේ.
“ඔබ මෙයින් මොනවද කියන්නේ කියලා අපිට තේරෙන්නේ නෑ. ශ්‍රී ලංකාවේ නිල භාෂාවන් දෙමළ හා සිංහලයි ” යනුවෙන් ඔවුන් සටහනක් එක් කර තිබේ.
|
ආණ්ඩුකාරවරයාට බාර දුන් සිංහල පෙත්සම |
|
ආණ්ඩුකාරවරයා යොමු කළ සිංහල පිළිතුර |
|
සිංහල නොතේරෙන බවට වන සටහන |
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

