යාපනය සරසවියේ පසුගියදා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අද (20) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ සිසුවෙකුට ඇප ලබාදී තිබේ. රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත අදාළ සිසුවා මුදාහැර ඇති අතර අදාළ නඩුව ලබන මස 25 වැනිදා යළි කැඳවීමට නියමිතය. යාපනය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නගුලේෂ්වරන් සසිදරන්ට මෙලෙස ඇප මත මුදාහැර තිබේ