යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා මේ මස 28 වැනිදා සිට ත්‍රිකුණාමලයේ මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් පත් කොට තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් මෙම පත් කිරීම් සිදු කරනු ලැබ ඇත.
ඉලන්චේලියන් මහතා 2015 වසරේ ජුනි මස 01 වැනිදා යාපනය මහාධිකරණ විනිසුරු වශයෙන් වැඩ භාරගත්තේද ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරුවරයා ළුහයෙන් සේවය කරමින් සිටියදීය..
එමෙන්ම ඉලන්චේලියන් මහතා යුද සමයේදීද වවුනයාව දිස්ත්‍රික්කයේ මහේස්ත්‍රාත් වරයා වශයෙන්ද සේවය කොට ඇති අතරම යුද සමයේදී මහත් සේවයක් කළ විනිසුරුවරයෙකු වශයෙන් එවකට ජනතාවගේ ප්‍රසාදය දිනා සිටි අයෙකි.
අනතුරුව යාපනය මහාධිකරණ විනිසුරු වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසුව ආන්දෝලනයකට ලක් වූ විද්‍යා දැරියගේ නඩු තීන්දුව ලබා දුන් ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කළේද ඉලන්චේලියන් මහතාය.
ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු වශයෙන් පත් කිරීම හා ස්ථාන මාරුව අවලංගු කරන ලෙසට දෙමළ ජාතික සන්ධානය විසින් හා වෙනත් සංවිධාන විසින් කරන ලද ඉල්ලීමද පසෙක දමා ඉලන්චේලියන් මහතා ඉල්ලා ඇත්තේ තමන්ට එම ස්ථාන මාරුවට යාමට නිසි කාලය පැමිණ ඇති හෙයින් එහි යා යුතු බව පවසමිනි.