යාපනය අධිකරණයට ගල් ප්රහාර එල්ල කරමින් අධිකරණ භූමියට හා දේපල වලට දැඩි ලෙස අලාභහානි සිදුකිරීමෙන් අධිකරණයට සිදු වූ අපකීර්තියට විරෝධය පාමින් අද (22දා) දිනය පුරා උතුරේ සියලුම නීතීඥවරුන් සිය රාජකාරී කටයුතු වලින් ඉවත් වන බව යාපනය දිස්ත්රීක් නීතීඥවරුන්ගේ සංගමයේ සභාපති නීතිඤ එස්.සුදාස් මහතා කියා සිටියේය.
මේ අතර ඊයේ (21දා)දින යාපනය අධිකරණයට ගල් ප්රහාර එල්ල කළේ යැයි සැක පිට අත් අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් ජුනි 01 03 සහ 04 යන දිනයන් දක්වා රිමාණ්ඩ් කර තිබේ.