යාපනය පොලිස් කොට්ඨාසයේ යාපනය නව පොලිස් ගොඩනැගිල් හෙට විවෘත කිරීමට නියමිත බව වාර්තාවෙයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිත අතර විෂය බාර අමාත්‍ය සාගල රත්නායක මහතාද මෙම අවස්ථාවට එක්වෙයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්වෙයි.