යාපනය දිස්ත්රික්කයේ පසුගිය දිනයන්හි සිදු වූ පාසැල් සිසුවියගේ ඝාතනය සහ ඉන් අනතුරුව ඇති වූ කළහකාරී තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පත්කර ඇති බව යාපනය පොලීසිය කියයි.
මෙ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිසුවියගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන අතර, යාපනයේ සිදු වූ කළහකාරී තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සමස්ථ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් පරික්ෂණයක් ආරම්භ කොට තිබේ.