යාපනය අධිකරණ සංකීර්ණයට හා පොලිස් නිලධාරීන්ට ගල් ප්රහාර එල්ල කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 54 දෙනාගෙන් 14 දෙනෙකු නිදහස් කොට සරසවි සිසුවෙකුට ඇප නියෝග දී ඉතිරි 39 දෙනා ජුනි 26 දා තෙක් රිමාණ්ඩ් කිරීමට යාපනය මහේස්ත්රාත් එස්.ශිවකුමාර් මහතා නියෝග කළේය.
යාපනය පොලීසිය පැවසුවේ පසුගිය මැයි 20 දා පාසල් දැරිය ඝාතනය කළ පුද්ගලයින්ට දඬුවම් දෙන ලෙස ඉල්ලා කලහාකාරි ලෙස හැසිරෙමින් යාපනය අධිකරණ සංකීර්ණ භූමියට ගල් ගසා රාජ්ය දේපළ හානියට පත් කිරීමේ වරදට අත්අඩංගුවට ගත් සැකකරුවන් 130 දෙනාගෙන් රිමාන්ඩ් කර සිටි 54 දෙනෙකු පෙරේදා (12දා) අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි.