යාපනය විශ්වවිද්‍යාලය යළි ආරම්භ කළත් පොරොන්දු වූ ආකාරයට දකුණේ දරුවන්ට ආරක්ෂාව සපයා නොමැති බව යාපනය විශ්වවිද්‍යාලයේ අගතියට පත් දරුවන්ගේ දෙමාපිය සංසදය සඳහන් කරයි.
මේ නිසා විශ්වවිද්‍යාලයට දකුණේ දරුවන් යැවීම පිළිබඳව බරපතළ ගැටලුවකට දෙමාපියන් මුහුණදී සිටින බවත් මේ නිසා ආරක්ෂාව තහවුරු කරනතෙක් දරුවන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදැරීමට යැවීමට කටයුතු නොකරන බව එම සංගමයේ ලේකම් කේ. තේනුවර මහත්මිය අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළාය.