රුසියාවේ ජලාශයක යාත්රාවක් තුළ පැවති සාදයක් අතරතුර ඇති වූ කුණාටු තත්ත්වයක් හේතුවෙන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය පිරිස අතරින් 10 දෙනෙකු දරුවන් බවත්, සෙසු තැනැත්තා වැඩිහිටි පුරුෂයෙකු බවත් කියයි.
උතුරුදිග රුසියාවේ, කෙරේලියා පළාතේ, සයමොසීරෝ ජලාශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේදී යාත්රාව තුළ පුද්ගලයන් 49 දෙනෙකු සිට ඇත. එහිදී, අනතුරින් පුද්ගලයන් 36 දෙනෙකු බේරාගැනීමට හැකි වී තිබේ.
කෙසේ වෙතත්, අතුරුදන් වූ සෙසු පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මක වන බවද කියයි. අයහපත් කාලගුණයක් පවතින අවස්ථාවක එම යාත්රාවේ මෙම සාදය සංවිධානය කළ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.