යළිත් සමෘද්ධි එයි
- 19 10 2016
- 17:07
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
දිවිනැගුම පනත සංශෝධනය කර සමෘද්ධි ලෙස වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේසඳහා වන නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරන ලද සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් තර තිබේ. මේ අනුව දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව ලෙස මෙතෙක් භාවිතා කළ නාමය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ලෙස වෙනස් වනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
