යහපාලනයෙන් රටට සෙතක් නොලැබුණ බවත්, එමගින් මහා විනාශකාරී ගමනක් ආරම්භ වූ බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණනායක මහතා පවසයි.
ඊයේ (18දා) කොළඹදී පැවැති වැඩටසහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
“ ඇත්ත වශයෙන්ම යහපාලනයෙන් මහ විනාශකාරී ගමනක් ආරම්භ වුණේ. මේ මගින් විපක්ෂයට ඒ අයගේ තිබෙන ප්‍රශ්න යටපත් වෙලා උසාවියෙන් හා සියලු තැන්වලින් යම්කිසි ප්‍රතිලාභයක් ලැබුණා මිසක් රටට කිසි සෙතක් ලැබුණේ නැති බව මම ඕනෑකමින් කියනවා. මේ යහපාලනයක් නොවේ.” යැයි පැවසීය.