යහපාලනය නිසා ඇඩො මිලියන 800ක ප්‍රදානයක්
නව පාලනයක් යටතේ රට තුළ ඇති කර තිබෙන අධිකරණය, ස්වාධීනත්වය හා යහපාලන ක්‍රම‘වේදයන් නිසා සංවර්ධන අභියෝග අරමුදල මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 800 ක ප්‍රදානයක් රටට හිමි වී ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිදුකළ ඇමෙරිකානු සංචාරයේදී සංවර්ධන අභියෝග අරමුදලේ ප්‍රධානියා මුණගැසුණු බවත්, එහිදී ඔහු මෙම ප්රදානය ලබාදීමට කටයුතු පොරොන්දු වී තිබෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
පසුගිය ආණ්ඩු සමයේදී මෙවැනි ප්‍රදානයක් සිදු කිරීමට සැලසුම් කර තිබුණද, එම කාලයේ රට තුළ තිබූ තත්ත්වය සැලකිල්ලට ගෙන එම ප්රදානය සිදුනොවූ බවද ඒ මහතා සඳහන් කළේය.
ඊයේ (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙය මුදල් ප්‍රදානයක් ලෙස ලැබෙන බවයි. මීට අමතරව රට තුළ ඇති වී තිබෙන යහපාලන තත්ත්වය මත ජාත්‍යන්තරයෙන් විශාල ප්‍රශංසා හිමි වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

