යහපාලන නාම පුවරුවට මුවා වී වැරදි කිරීමට දේශපාලනඥයින්ට හෝ රාජ්‍ය නිළධාරින්ට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
සියලූදෙනා තම හෘද සාක්ෂියට අනුව කටයුතු නොකළහොත් ජනතාව යහපාලන ආණ්ඩුව කෙරෙහි තැබූ බලාපොරොත්තු බිඳ වැටෙනු ඇති බවද යහපාලන සහ සංහිඳියා සංකල්පයන් ජයග්‍රහණය කරවා රටත්, ජනතාවත් ජයග්‍රහණය කරවීමට සියලූදෙනා කැපවිය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.
“ශ්‍රී ලංකාවේ සංවර්ධන අභියෝග” මැයෙන් අද (22) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති විශේෂ සම්මන්ත්‍රණය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.
රාජ්‍ය නිලධාරීන්ට එල්ලවන බලපෑම් පිලිබඳ සහ ඔවුන්ගේ දුක් ගැනවිලි පිලිබඳ කටයුතු කිරීමට අපක්ෂපාතී සහ මධ්‍යස්ථ ආයතනික ව්‍යුහයක් ස්ථාපිත කරන බවද දේශපාලනඥයින් වැරදි සිදු කරනවානම් ඔවුන්ට රාජ්‍ය නිලධාරින්ට ඒ පිලිබඳ ඇඟිල්ල දිගු කළ නොහැකි බවද පැවසූ ජනාධිපතිවරයා විනය, ශිෂ්ඨත්වය පදනම් වූ යහපාලන සංකල්පය ආරක්ෂා කරමින් යහපත් සහ සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීම පිලිබඳ පළමු ආදර්ශය ලබාදිය යුත්තේ දේශපාලනඥයින් බව ද කියා සිටියේය.